Nov 25, 2021

අගමැතිවී පැයකින් ස්වීඩන් අගමැතිනිය ඉල්ලා අස්වෙයි

ස්වීඩනයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස පත් වු මැග්ඩලීනා ඇන්ඩර්සන් පැයකට පසුව සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ස්වීඩන් පාර්ලිමේන්තුව වෙත ඇය ඉදිරිපත් කළ අයවැය පරාජය වීම හේතුවෙන් ඇන්ඩර්සන් එම ධුරයෙන් ඉවත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇන්ඩර්සන්ගේ සභාග පක්ෂය ද අය වැය සඳහා ඡන්දය ප්‍රකාශ කර නොමැති බව සඳහන්ය.

ඔවුන් පවසන්නේ එම අයවැය පිළිගත නොහැකි බවය.

කෙසේවෙතත් ඉදිරියේ දී තමන් තනි පක්ෂයක් මඟින් ඉදිරිපත් වී අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මැග්ඩලීනා ඇන්ඩර්සන් සඳහන් කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top