Nov 28, 2021

 ඔමික්‍රෝන් සොයාගත්තාට දඬුවම් කරන බව ද. අප්‍රිකාවෙන් චෝදනා

ඔමික්‍රෝන් නම් නව කොරෝනාවෛරස් ප්‍රභේදය හඳුනාගැනීම සම්බන්ධයෙන් ප්‍රශංසාවට ලක්වීම වෙනුවට සිය රට දඬුවමට ලක්ව ඇතැයි දකුණු අප්‍රිකාව චෝදනා කර සිටියි.

මේ බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයකි නිකුත් කරමින් පවසා තිබේ.

විද්‍යාවේ විශිෂ්ඨත්වය අගය කළ යුතු නමුත් ඒ ඔස්සේ රටවලට දඬුවම් නොකළ යුතු බව එම නිවේදනයේ දැක්වේ.

ලොව අනෙක් රටවලින් නව කොවිඩ් ප්‍රභේදයක් සොයගත් විටදී දැක්වූ ප්‍රතිචාරයට හාත්පසින්ම වෙනස් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව සිය රටට ප්‍රතිචාර දක්වමින් සිටින බවට දකුණු අප්‍රිකාව චෝදනා නගයි.

එසේම සිය රටට එරෙහිව සංචාරක තහනම් පනවා ඇත්තේ විද්‍යාත්මක හේතු මත පදනම්ව නොව දේශපාලන හේතු මත පදනම්ව පමණක් බවද එහි දැක්වේ.

දකුණු අප්‍රිකාවෙන් පළමු වරට සොයා ගැනුණු  ඔමික්‍රෝන් නමැති නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් මේවනවිට බ්‍රිතාන්‍යය, ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම, ඉතාලිය, බොට්ස්වානා, හොංකොං හා ඊශ්‍රායලය ඇතුළු රටවල් කිහිපයකින්ම වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top