Dec 08, 2021

හෙලිකොප්ටර් අනතුරෙන් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මරුට (Update)

අද දින තමිල්නාඩුවේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවත් මහතා, ඔහුගේ බිරිඳ ඇතුළු 13 දෙනෙකු මියගොස් ඇති බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය ගුවන් හමුදාව නිවේදනය කරයි.
 
යානය අනතුරට ලක්වූ අවස්ථාවේදී එහි සිටි පුද්ගලයන් ගණන 14කි.
 
මේ සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය - රාජ්නාත් සිං විසින් එරට අගමැතිවරයාට දන්වා ඇති අතර, අගමැතිවරයා හෙට දිනයේදී මේ සිදුවීම පිළිබඳව ඉන්දීය පාර්ලිමේන්තුවට දන්වනු ඇත.
--------------

(මුල් පුවත 2021දෙසැම්බර් 08 14:34 ප.ව.)

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා රැගත් හෙලිකොප්ටරය කඩාවැටෙයි!

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී - ජනරාල් බිපින් රාවත් ඇතුළු පිරිසක් රැගත් හෙලිකොප්ටරයක් අද (08) ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේදී කඩාවැටී ඇත.

සිද්ධියෙන් බරපතල තුවාල ලද දෙදනෙකු රෝහල්ගත කර ඇති බවත්, මුදවාගැනීමේ මෙහෙයුම් මේ වන විටත් සිදුකෙරෙන බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

සිද්ධියෙන් මියගොස් ඇති පුද්ගලයන් හඳුනාගැනීමේ කටයුතුද මේ වන විට ආරම්භ වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වල දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top