Feb 03, 2022

ඉන්දියාවෙන් ඩිජිටල් රුපියලක්! Featured

මේ වසරේදී ඉන්දියානු රුපියලේ ඩිජිටල් අනුවාදය එළිදක්වන බව එරට මුදල් ඇමතිනි - නිර්මලා සීතාරමන් පවසයි.

ඇය මේ බව පවසා තිබුනේ පසුගියදා ඉන්දීය ෆෙඩරල් රජයේ වාර්ෂික අයවැය ඉදිරිපත් කරමිනි.

සිය අයවැය කතාවේදී ඇය වැඩිදුරටත් පවසා තිබුණේ ඩිජිටල් වත්කම්වලින් ලැබෙන ආදායම මත 30%ක බද්දක් අය කිරීමට සැලසුම් කර ඇති බවයි.

නිල වශයෙන් අතථ්‍ය මුදල් (Virtual Currencies) පිළිබඳ ප්‍රකාශයක් සිදුකළ, ප්‍රධාන පෙළේ ආර්ථිකයකයකට හිමිකම් ඇති නවතම රට ඉන්දියාවයි.

මහ බැංකු ඩිජිටල් මුදල් ඒකකයක් හඳුන්වාදීම ඩිජිටල් ආර්ථිකයට විශාල තල්ලුවක් ලබා දෙනු ඇති බවත්, ජිටල් මුදල් වඩාත් කාර්යක්ෂම සහ ලාභදායී මුදල් කළමනාකරණ පද්ධතියකට ද මග පාදනු ඇති බවත් ඇය පවසා ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top