Feb 03, 2022

ඇමෙරිකානු ප්‍රහාරයකින් IS නායකයා මරුට

වයඹ දිග සිරියාවේ අමෙරිකානු විශේෂ බලකාය විසින් සිදුකළ මෙහෙයුමකදී IS සංවිධානයේ වත්මන් නායක ලෙස කටයුතු කරන අබු ඊබ්‍රාහිම් අල්-හෂිමි අල-කුරේෂි (Abu Ibrahim al-Hashimi al-Qurayshi) මියගිය බව අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කරයි.
 
කුරේෂි විසින් පුපුරවාගත් බෝම්බයකින් ඔහුත් ඔහුගේ පවුලේ සාමාජිකයනුත් මියගිය බව ඇමෙරිකානු බලධාරීන් විසින් එරට මාධ්‍ය වලට පවසා ඇත.
 
මෙහෙයුමෙන් අනතුරුව මළසිරුරු 13ක් හමුවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top