මේ බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය - මන්සුක් මන්දාවියා විසින් ට්විටර් පණිවිඩයක් ඔස්සේ නිවේදනය කර තිබේ.
ඒ අනුව, ඉන්දියාව විසින් එරට නිෂ්පාදනය කරන එන්නත් වර්ග තුනක් ඇතුළුව එන්නත් වර්ග 9ක් භාවිතා කිරීමට සඳහා අවසර ලබා දී ඇති අතර, එන්නත් ලබාගැනීම සඳහා සුදුසු, වැඩිහිටි ජනගහනයෙන් 76%ක් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.