Feb 09, 2022

බලශක්ති පර්යේෂණ වල විශාල පෙරළියක්!

තාරකාවලට බලය සපයන බලශක්ති ක්‍රියාවලිය හෙවත් න්‍යෂ්ටික විලයනය ප්‍රායෝගිකව වර්ධනය කිරීමේ ගවේෂණයේදී දැවැන්ත ජයග්‍රහණයක් ලබා ඇති බව යුරෝපීය විද්‍යාඥයන් පවසයි.
 
හයිඩ්‍රජන් අණු දෙකක් එක් කිරීමෙන් ලබාගත හැකි බලශක්ති ප්‍රමාණය පිළිබඳව බ්‍රිතාන්‍යයේ පදනම් වූ JET රසායනාගාරය විසින් මීට පෙර ඔවුන් තැබූ වාර්තාවක් බිඳහෙලා ඇත.
 
ඒ අනුව, තත්පර 5කදී බලශක්ති මෙගාජූල් 59ක් (මෙගාවොට් 11ක්) නිපදවීමට මෙම පරීක්ෂණයේදී ඔවුන් සමත් වී ඇත. මෙය 1997දී සිදුකළ මීට සමාන පරීක්ෂණයකදී ලබාගත් බලශක්ති ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වැඩි ප්‍රමාණයකි.
 
න්‍යෂ්ටික විලයනය පෘථිවිය මත සාර්ථකව ප්‍රතිනිර්මාණය කළ හැකි නම්, එය කාබන් හා විකිරණ අඩු  ශක්ති ප්‍රභවයක් ප්‍රායෝගිකව, අසීමිත ලෙස සැපයීමේ හැකියාව ඇතිවන බව විදෙස් වාර්තා වල දැක්වේ.
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top