Feb 10, 2022

පුතෙක් ලැබෙන්න කියා ඔලුවට ඇණ ගහලා!

ගර්භනී මවකගේ හිසට ඇණයක් ගැසූ පුද්ගලයෙකු සොයා පොලිස් මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පාකිස්ථානයෙන් වාර්තා වේ.

සිය හිසෙහි ඇති සෙ.මී. 5ක පමණ ඇණය අඬුවක ආධාරයෙන් තනිවම ඉවත්කරගැනීමට නොහැකි වීම හේතුවෙන් දැඩි වේදනාවකින් පෙළුනු මෙම කාන්තාව පේෂාවර් හි රෝහලකට පැමිණ තිබේ.

මෙය තමන් විසින්ම සිදුකරගත් බව ඇය මුලින් පැවසුවද, පසුව පිළිගෙන ඇත්තේ තමාට පිරිමි දරුවෙකු ලැබෙන බවට සහතික කළ හැකි බවට පැවසූ 'ඇදහිලි සුවකරන්නෙකු' විසින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි.

ඇගේ හිසෙහි එක්ස් රේ ඡායාරූප අන්තර්ජාලයට එක්වීමත් සමග පොලිසිය විසින් පරීක්ෂණ අරඹා ඇත.

මේ වන විටත් ගැහැණු දරුවන් තිදෙනෙකුගේ මවක් වන මෙම කාන්තාව තවත් ගැහැණු දරුවෙකු බිහිකළහොත් ඇයව අත්හැර දමා යන බව ඇගේ සැමියා විසින් තර්ජනය කර ඇති බවත්, මෙවර පිරිමි දරුවෙකු ලබාගැනීමේ අරමුණෙනන් ඇය මෙම සුවකරන්නා වෙත ගොස් ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top