Feb 11, 2022

කෝලා, වදවීයාමේ තර්ජනයට ලක්වේ! Featured

ඕස්ට්‍රේලියාවට ආවේණික ක්ෂීරපායි විශේෂයක් ලෙස සැලකෙන කෝලා, වදවීයාමේ තර්ජනයට ලක්වූ සතෙකු ලෙස නිල වශයෙන් නම් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.

අතීතයේ බහුලව දක්නට ලැබුණු මෙම සත්ත්වයාට, කැලෑ එළිකිරීම්, ලැව්ගිනි, නියඟ, ලෙඩරෝග වැනි හේතු නිසාවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ඔවුන් පවසයි.

ඒ අනුව, ක්වීන්ස්ලන්ඩ් හා නිව් සවුත් වේල්ස් යන ප්‍රාන්ත වල මෙන්ම ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරි යන ප්‍රදේශයට අදාලව මෙම සතුන් වදවීයාමේ තර්ජනයට ලක්වූ සත්ත්ව විශේෂයක් ලෙස නම් කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top