මෙම සිද්ධිය වාර්තා වන්නේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කුෂිනගර් දිස්ත්‍රික්කයෙනි.
මෙලෙස මියගොස් ඇති සියල්ලන්ම කාන්තාවන් හා දරුවන් වේ.
ඉන්දීය පොලිසිය පවසන්නේ මොවුන් ළිඳක් වැසෙන සේ තබා තිබුණු යකඩ තහඩුවක් මත ඉඳගෙන සිටියදී ඔවුන්ගේ බරට එම තහඩුව කැඩී මොවුන්ව ළිඳ තුළට වැටී ඇති බවයි.
සිද්ධිය වූ සැනින් උත්සවයට පැමිණී සිටි අනෙකුත් අමුත්තන් විසින් මොවුන්ව බේරාගෙන රෝහල්ගත කිරීමට කඩිනමින් කටයතු කර තිබුණද, 11 දෙනෙකු ඒ වන විටත් මියගොස් තිබුණු බවත්, අනෙකුත් දෙදෙනාද ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.
සිද්ධියෙන් විපතට පත්වූවන් හට සහය දෙන ලෙස උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍යවරයා බලධාරීන් වෙත නියෝග කර ඇති අතර, කුෂිනගර් දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ ඔවුන් හට වන්දි ලබාදීමට කටයුතු කරන බවයි.