Feb 18, 2022

ජැකී අමාරුවේ දැමූ තැරැව්කරුට අධිකරණයක් දුන් තීන්දුව

මූල්‍ය විශුද්ධිකරණ චෝදනාවකට මැදි වී සිටින බොලිවුඩ් සුපිරි නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්, මූල්‍ය ජාවාරම්කරුවෙකු වන සුකේෂ් චන්ද්‍රසේකර්ට හඳුන්වා දුන් අතරමැදියා ඇප මත මුදා හැර තිබේ.

නවදිල්ලි නුවර අධිකරණයක් විසින් මෙලෙස ඇප මත මුදා හරිනු ලැබ ඇත්තේ, පින්කි ඉරානි නමැත්තෙකි.

ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගිය දෙසැම්බර් 9 වැනිදාය.

විත්තිකාරිය වන ජැක්ලින් ෆර්නැන්ඩස් වැඩිහිටි කාන්තාවක් වන බැවින් විමර්ශන අවසන් කර සාක්ෂි ලබා ගැනීමෙන් පසු ඇයගේ සාක්ෂිවලට හානි කිරීමේ හැකියාවක් නොමැති බැවින් අදාළ සැකකරු ඇප මත මුදා හරින බව අධිකරණය තීරණය කර තිබේ.

ශ්‍රී ලාංකික සුපිරි බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට ඉන්දියාවෙන් පිටවීම තාවකාලිකව තහනම් කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top