Feb 18, 2022

අහ්මදාබාද් බෝම්බ ප්‍රහාර සිදුකළ 38කට මරණ දඬුවම! Featured

වසර 2008 ගුජරාට් ප්‍රාන්තයේ දී සිදුකළ බෝම්බ ප්‍රහාර පෙළ සම්බන්ධයෙන් පුද්ගලයන් 38 දෙනෙකු හට මරණ දඬුවම ලබාදී තිබේ.

තවත් 11 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට ද ඉහත තීන්දුව ලබාදුන් අහ්මදාබාද් අධිකරණය වැඩිදුරටත් තීන්දු කර ඇත.

වසර 2008 ජූලි 26 දා පැයක කාලයක් තුළදී අහ්මදාබාද් නගරයේ බෝම්බ 20ක් පුපුරා ගිය අතර, පුපුරා නොගිය තවත් බෝම්බ කිහිපයක්ද පසුව හමුවිය.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 57 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් සියගණනකට තුවාල සිදුවිය.

පසුව ඉන්දියාවේ මුජාහිදීන් නම් ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමක් මෙම ප්‍රහාර පෙළට වගකීම භාරගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් පුද්ගලයන් 78කට එරෙහිව නඩු විභාගයක් පැවැති අතර, චෝදනා එල්ලවූ එක් සැකකරුවෙකු පසුව පරීක්ෂණ පවත්වන බලධාරීන් වෙත සහය ලබාදී තිබුණි. ඉන් 28 දෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top