Feb 20, 2022

එලිසබෙත් මහරැජිනටත් කොවිඩ් Featured

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිණට කොවිඩ්-19 ආසදනය වී ඇති බව බකිංහැම් මාළිගය නිල වශයෙන් නිවේදනය කරයි.

මේ වනවිට 95 හැවිරිදි වියේ පසුවන ඇය හට සුළු සෙම්ප්‍රතිශ්‍යාවක ලක්ෂණ තිබෙන බවත්, සියලු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් නියමිත සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිපදිමින් සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මෑතකදී, ඇගේ වැඩිමහල්ම පුතණුවන් වන චාල්ස් කුමාරයාට ද ඔහුගේ බිරිඳ වන කෝන්වෝල් හි ආදිපාදවරිය වන කැමිලා හටත් කොවිඩ්-19 ආසාදනය වී තිබුණු අතර, මහරැජිනද චාල්ස් කුමාරයාගේ ආශ්‍රිතයෙකු බවට පත්ව තිබුණි.

සබැඳි පුවත් :
කැමිලා ටත් කොවිඩ්

චාල්ස් කුමරුට කොවිඩ්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top