Feb 20, 2022

1945න් පසු යුරෝපයේ ලොකුම යුද්ධයට රුසියාව අරඅඳිනවා - ජොන්සන් Featured

1945න් පසුව යුරෝපයේ ඇති වූ විශාලතම යුද්ධයට රුසියාව විසින් පිඹුරුපත් සකසමින් සිටින බවට සාක්ෂි මගින් පෙනී යන බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ ජර්මනියේ මියුනික් නුවර සිට බීබීසී සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. ලෝක නායකයන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව පැවැත්වෙන ආරක්ෂක සමුළුවක් සඳහා මියුනික් නුවරට ගොස් සිටියි.

දෙවැනි ලෝක යුද්ධය අවසන් වූයේ 1945දීය.

යුක්රේනයේ කියෙව් අගනුවර වටලන ආක්‍රමණයක් දියත් කිරීමට රුසියාව අදහස් කරන බව බුද්ධි අංශ සැක පහළ කරන බවද බ්‍රිතාන්‍ය අගමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

මෙවැන්නක් හේතුවෙන් සිදුවිය හැකි අතිවිශාල මිනිස් ජීවිත අහිමිවීම පිළිබඳව මිනිසුන් තේරුම් ගත යුතු බව ඔහු පෙන්වා දෙයි.

අතීතයේ යෝජනා කර ඇති සම්බාධක වලට වඩා දැඩි සම්බාධක ඉදිරියේදී රුසියාව මත පැණවීමට හැකි බවද ජොන්සන් මහතා අනතුරු අඟවා ඇත.

ඇමෙරිකාව විසින් සිදුකළ නවතම ඇස්තමේන්තු වලට අනුව රුසියානු භටයින් 169,000 ත් 190,000 ත් අතර ප්‍රමාණයක් මේ වන විට යුක්රේන දේශසීමාව පුරාවට, රුසියාවේ සහ අසල්වැසි බෙලරුසියාවේ ස්ථානගත කර ඇති බව පැවසේ. කෙසේවෙතත්, මෙම සංඛ්‍යාවට නැගෙනහිර යුක්රේනයේ කැරලිකරුවන් ද ඇතුළත් වන බව විදෙස් වාර්තා වල දැක්වේ.

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top