Feb 23, 2022

සියලු හොංකොං වැසියන්ට කොවිඩ් පරීක්ෂණ අනිවාර්ය වෙයි

හොංකොං හි වෙසෙන සියලු ජනයා අනිවාර්යයෙන්ම කොවිඩ්-19 පරීක්ෂණ සිදුකළ යුතු බව එහි පාලනාධිකාරිය ප්‍රකාශ කරයි.

හොංකොං හි මිලියන 7.5ක ජනගහනයක් සිටින බැවින් මාර්තු මුල ආරම්භ කෙරෙන මෙම පරීක්ෂණ, වට 3ක් පුරාවට සිදුවනු ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරිනිය වන කැරී ලැම් පවසා ඇත.

දිනකට පරීක්ෂණ මිලියනයක් පමණ සිදුකිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම අනිවාර්ය පරීක්ෂණ අතරතුරදී දෛනිකව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ද සිදුකිරීමට හොංකොං ජනයා හට සිදුවේ.

පසුගිය සති කිහිපය තුළදී හොංකොං තුළ ඔමික්‍රොන් ප්‍රභේදය ඉතා සීඝ්‍රයෙන් පැතිරගොස් තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top