Feb 25, 2022

රුසියාව, චර්නොබිල් න්‍යාෂ්ඨික බලාගාරය අත්පත් කරගනියි

පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව පැවති චර්නොබිල් න්‍යාෂ්ඨික බලාගාරය අත්පත් කරගැනීමට රුසියානු හමුදාව කටයුතු කර තිබේ.

මෙය, යුක්රේනයේ කිව් අගනුවර සිට කිලෝමීටර් 130 ක් දුරින් පිහිටා ඇති අතර, 1986 වසරේදී එහි සිදුවූ පිපිරීම ලොව දරුණුම න්‍යෂ්ටික අනතුර ලෙසයි සැළකේ. එහි විකිරණවල බලපෑම් තවමත් පවතියි.

රුසියාව තවදුරටත් මෙම අත්පත්කරගැනීම සිදුකළ හොත් එවැනි ව්‍යසනයක් යළිත් ඇති විය හැකි බව යුක්රේන ජනපති - වොලොදිමියර් සෙලෙන්ස්කි අනතුරු අඟවයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ 1986දී සිදුනූ ව්‍යසනය යළිත් ඇති නොවීමට යුක්රේන හමුදා සිය දිවිපුදන බවයි.

මෙය, සමස්ථ යුරෝපයටම එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරීමක් බව ඔහු වැඩිදුරටත් පවසයි.

චර්නොබිල් බලාගාරය ආශ්‍රිතව තවත් ව්‍යසනයක් සිදුවිය හැකි බවට යුක්රේන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ද අනතුරු අඟවා තිබේ.

රුසියානු ප්‍රහාරවලින් යුක්‍රේනයේ 137ක් මියයයි!

රුසියානු හමුදාව විසින් එල්ලකළ ප්‍රහාරවලින් යුක්‍රේන පුද්ගයින් 137 දෙනෙකු මියගොස් ඇති බව එරට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මියගොස් ඇති පිරිස අතර හමුදා භටයන් මෙන්ම සිවිල් වැසියන් ද සිටින බව වාර්තා වේ.

මේ අතර එරට ජනපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරවලින් මේ වනවිට යුක්‍රේන හමුදා භටයින් 316ක් තුවාල ලබා ඇති බවයි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top