අසත්‍ය ප්‍රචාර සිදුකිරීම හේතුවෙන් මෙම අවහිර කිරීම සිදුකර ඇති බව රුසියානු බලධාරින් ප්‍රකාශ කර තිබේ.
RIA ප්රවෘත්ති ඒජන්සිය, ආරක්ෂක අමාත්‍යාංශයේ Zvezda TV සහ gazeta.ru මෙන්ම lenta.ru යන රුසියානු මාධ්‍ය ආයතන හතරක් සඳහා වූ සීමාවන් ඉවත් කරන ලෙසට ෆේස්බුක් වෙතින් කරන ලද ඉල්ලීම් ඔවුන් නොසලකා හැරීම හමුවේ රුසියාව මෙම පියවර ගෙන තිබේ.
පසුගිය වසරේදීද මොස්කව් පාලනය විසින් දණ්ඩනීය පියවරක් ලෙස ට්විටර් හි වේගය අඩු කළේය.
මේ අතර යුක්රේනයේ යුද ගැටුම් හේතුවෙන් මේ වන විට යුක්රේන ජාතිකයින් ලක්ෂයකට අධික පිරිසක් අවතැන්වී ඇති අතර 35,000ක පමණ පිරිසක් පෝලන්තයට පළාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.