ද කිංග් රිචර්ඩ් චිත්රපටයේ ඉදිරිපත් කළ අසමසම රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය හිමි වූයේ විල් ස්මිත්ටය. එසේවුවත්, විල් ස්මිත් සම්බන්ධයෙන් මෙවර පුවත් මැවුනේ ඔහුගේ සම්මානයට පමණක්ම නොවේ. එම උළෙලේ නිවේදකයා ලෙස කටයුතු කළ ක්රිස් රොක් හට ඔස්කාර් වේදිකාව මත සිටියදීම විල් විසින් වැරෙන් කම්මුල් පහරක් ගැසීම හේතුවෙනි.
රොක් විසින් විල්ගේ බිරිඳ වන සුපිරි නිළි - ජේඩා පින්කට් ස්මිත් සම්බන්ධයෙන් සිදුකළ විහිළුවක් දුරදිග යාමෙන් මෙම සිද්ධියට පාදක විය.
ක්රිස් විසින් නිවේදන කටයුතු අතරතුර ජේඩා අමතමින් ක්රිස් පැවසුවේ GI ජේන් 2 එනතෙක් ඉවසිල්ලක් නැති බවයි. වසර 2007දී එළිදැක්වුණු GI ජේන් චිත්රපටයේ ප්රධාන නිළිය ලෙස රඟපෑ ඩෙමී මුවර්, හිස මුඩුකළ රඟපෑ චරිතයකි. සිය හිසකෙස් ගැලවී යාමේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජේඩා විසින් මේ වන විට සිය හිස මුඩු කර සිටින්නේ GI ජේන් හි ඩෙමී මුවර් ගේ රුවට සමාන ලෙසිනි.
කම්මුල් පහරෙන් පසුවද ක්රිස් පැවසුවේ මෙය රූපවාහිනී ඉතිහාසයේ විශිෂ්ටතම රාත්රිය බවයි. ඔහු විසින් දිගින්දිගටම කතාකිරීමත් සමග සිය අසුනට ගිය විල් ස්මිත් යළිත් ආවේගශීලී ලෙස අදහස් ප්රකාශ කරනු දක්නට ලැබිණි.
කෙසේවෙතත්, පසුව හොඳම නළුවාට හිමි සම්මානය ලබාගනිමින් විල් ස්මිත් විසින් ඒ පිළිබඳව සිය කණගාටුව ප්රකාශ කළේය.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ එම සිද්ධියෙන් පසුව පොලිසියේ පැමිණිල්ලක් ගොනු කිරීමට ක්රිස් රොක් ප්රතික්ෂේප කර ඇති බවයි.
(වීඩියෝ : ද ගාඩියන්)