Apr 26, 2022

මස්ක් ටිව්ටිර් මිල දී ගනී

ලොව ධනවත්ම පුද්ගලයා ඉලොන් මස්ක් ඇමෙරිකන් ඩොලර් බිලියන 44 ක මුදලකට ‘ටිව්ටිර්’ සමාගම මිලදී ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

මිට වසර 16කට පමණ පෙර ආරම්භ කළ ‘ටිව්ටිර්’ හි වෙනස්කම් රාශියක් සිදු වන බව මීට පෙරද විදෙස් මාධ්‍ය පවසා තිබිණි.

ඔහු තම ටිවිටර් ගිණුම ඔස්සේ, ‘ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් ගල භාෂණයේ නිදහසයි. මනුෂ්‍ය වර්ගයාට නිදහසේ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති සමාජ මාධ්‍ය මෙවලමක් ට්විටර්. ට්විටර් තව තවත් සමාජගත කරමින්, එය ලොව සැමට සමීප කරවන්න මා උත්සාහ ගන්නවා. නව අංග රැසක් ට්විටර් හා එක් කරන්න මා සූදානමින් ඉන්නවා. ට්විටර් සමාගමට කළ හැකි දේ අසීමිතයි.’ යැයි ටිව්ටර් සමාගම මිල දී ගන්නා බව පවසමින්, ඔහු මෙසේ දන්වා සිටියේ ය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top