අද (27) දිනයේදී ජුන්ටා අධිකරණයක් විසින් තීන්දුකර තිබුණේ මියන්මාරයේ විශාලතම නගරය වන යැංගොන් හි හිටපු ප්‍රධානියාගෙන් ඩොලර් 600,000ක අල්ලසක් මුදලක් හා සහ රන් බාර් ලබා ගැනීම සම්බන්ධයෙන් සූ චී මහත්මිය ඇය වරදකාරිය බවයි.
මියන්මාරයේ නයි පයි තව් අගනුවර රහසිගතව මෙම නඩු විභාගය පවත්වා ඇති අතර, මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වීම, සූ චී මහත්මියගේ නීතීඥවරුන්ට තහනම් වී ඇත.
ඒ අනුව ඇයට තවත් වසර 5ක සිරදඬුවමක් හිමිවී තිබේ.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට නිවාස අඩස්සියේ සිටි සූ චී මහත්මිය අවස්ථා කිහිපයකදීම විවිධ චෝදනා සඳහා වරදකරු කර ඇති අතර, එම සියළුම චෝදනා සඳහා ඇයට මේ දක්වා 11 වසරක සිරදඬුවම් ලබා දී ඇත.
ඇයට එල්ල කර ඇති සියලු චෝදනා සඳහා වරදකරු වුවහොත් ඇයට වසර 190කට වඩා වැඩි කාලයක සිරදඬුවමක් හිමිවනු ඇත.