57 හැවිරිදි උප ජනාධිපතිනිය කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි රැපිඩ් සහ පී.සී.ආර්. වාර්තා දෙකෙන්ම තහවුරු වී ඇති බවත් ඇයට කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවත්, කමලා හැරිස්ගේ මාධ්‍ය ලේකම් ක්‍රිස්ටින් ඇලන් පවසා තිබේ.
ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ ආසාදිතයකු බව තහවුරුවීමෙන් පසුව හැරිස් ස්වයං නිරෝධායනයට ලක් වී සිටින බවත් උප ජනපති නිල නිවසේ සිට රාජකාරි කටයුතුවල නියැලෙන බවත්ය.
කොවිඩ් 19 සඳහා නියමිත එන්නත් මාත්‍රා ලබා ගෙන තිබෙන හැරිස්, අධිමාත්‍රා දෙකක්ද ලබාගෙන තිබේ.