දියමන්ති, රන් සහ යුරේනියම්වලින් පොහොසත් වුව ද මධ්‍යම අප්‍රිකාව ලෝකයේ දුප්පත්ම රටවල්වලින් එකකි.
බිට්කොයින් නිල මුදල් ඒකකය බවට පත් කිරීම සඳහා එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒකමතිකව ඡන්දය භාවිත කළ බව මධ්‍යම අප්‍රිකාවේ ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
මෙම පියවර ගැනීම හරහා මධ්‍යම අප්‍රිකාව ලෝකයේ නිර්භීත ම සහ වඩා ත් සාර්ථක දැක්මක් සහිත රටක් බව පෙන්නුම් කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
බිට්කොයින් නිල මුදල් ඒකකය ලෙස පිළිගත් පළමු රට වන්නේ එල් සැල්වදෝරයයි.
ඔවුන් 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී එම තීරණය ගත් අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු පාර්ශව රැසක් එය නිර්දය ලෙස විවේචනය කර තිබිණි.