May 02, 2022

වසර 2කට පසු නවසීලන්තය විවෘත වෙයි

නවසීලන්තය විදෙස් සංචාරකයින් සඳහා සිය දේශසීමා යළි විවෘත කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් එරට දේශසීමා වසා දමා වසර දෙකකට අධික කාලයකට පසු මෙලෙස රට විදේශිකයින් වෙත විවෘත කර ඇති බව එම වාර්තා සඳහන් කරයි.

ඒ අනුව කොරෝනා ආසදනය නොවුණු සහ එන්නත්කරණයට ලක් වුණු රටවල් 60කට අධික විදේශිකයින්ට නවසීලන්තයට ඇතුළු වීමට හැකියාව ලැබෙනු ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් නවසීලන්තය 2020 වසරේ මාර්තු මාසයේදී සිය දේශසීමා වසා වසා දැමීමට කටයුතු කර තිබිණි.

සබැඳි පුවත්

Covid-19 නිසා නවසීලන්ත ඡන්දය කල්දමයි

කොරෝනා නීති නිසා නවසීලන්ත අගමැතිනියටත් හැරිලා යන්න වෙයි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top