DMK පක්ෂයේ සභාපතිද වන ස්ටාලින් පවසා ඇත්තේ සිය පක්ෂයෙන් ඉන්දීය රුපියල් කෝටියක්ද ලබාදෙන බවයි.
සහන ලබාදීමේ පළමු අදියරේදී තමිල්නාඩු රජය වසින් සහල් ටොන් 40,000 ක්, කිරිපිටි ටොන් 500 ක් සහ ජීවිතාරක්ෂක ඖෂධ ශ්‍රී ලංකාවට ලැබීමට සැලැස්වීමට කටයුතු කරන බවත් මෙම මානුෂීය කටයුත්ත වෙනුවෙන් ඉන්දීය මධ්‍යම රජයේ අනුමැතියද ලැබී ඇති බවත් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.
මේ අතර, AIADMK පක්ෂ නායක - ඕ. පන්නීර්සෙල්වම් මහතාද පසුගියදා පවසා තිබුණේ ශ්‍රී ලාංකික ජනතාවට සහය වීමට තමාද පෞද්ගලිකව ඉන්දීය රු. ලක්ෂ 50ක් ප්රදානය කරන බවයි.