May 08, 2022

කැලිෆෝනියාවට යළිත් සමනලුන් එයි! (වීඩියෝ)

පසුගිය කාලය පුරා විරල වී තිබුණු සුන්දර දසුනක් වූ කැලිෆෝනියාවේ මොනාක් සමනලුන් රංචු මේ වසරේදී යළිත් වැඩිවී තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ගස් මත රොක් වූ මොනාක් සමනලුන් ගේ සුන්දර දසුන් අතීතයේ පටන් කැලිෆෝනියාවේ සුලභ දසුනක් වූ නමුත්, වාසස්ථාන අහිමිවීම, පාරිසරික හානිය හා අධික පලිබෝධක නාශක භාවිතය යන කරුණු හේතුකොට ගෙන වසර 2020 වන විට මොවුන් ගේ සංඛ්‍යාව ලක්ෂ ගණනික් දහස් ගණනට අඩුවී තිබුණි.

කෙසේවෙතත්, පරිසරවේදීන් හා ක්‍රියාධරයන් මෙන්ම ගොවීන් ගේ ක්‍රියා හේතුවෙන් මෙම සමනලුන් වඳවී යාමට ඉඩනොදී බේරාගැනීමට හැකිවී තිබෙන අතර, මේ වසරේදී යළිත් විශාල වශයෙන් මොනාක් සමනලුන් කැලිෆෝනියාවේ දක්නට ලැබේ.

(වීඩියෝ : බීබීසී )

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top