ෆින්ලන්ත ජනාධිපති Sauli Niinisto මහතා පවසා ඇත්තේ මෙය ඓතිහාසික දිනයක් බවයි.
ඒ අනුව, හෙට දිනයේදීම මේ සඳහා අයැදුම් කළ හැකි යැයි විදෙස් වාර්තා ව දැක්වේ.
මේ සම්බන්ධයෙන් රුසියානු ජනපති - ව්ලැඩිමීර් පුටින් සමග පැවති නවතම සාකච්ඡාවලදී කිසිඳු තර්ජනයක් සිදුනොකෙරුණු බව ෆින්ලන්ත ජනාධිපතිවරයා පවසා තිබේ.
කෙසේවෙතත්, ෆින්ලන්තය සිය මධ්‍යස්ථ ප්‍රතිපත්තිය ඉවතලා නේටෝ සංවිධානයට සම්බන්ධ වීම බරපතල වරදක් වනු ඇති බවට රුසියානු ජනාධිපතිවරයා මීට කලින් අනතුරු අඟවා තිබුණි. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ මෙම ප්‍රතිපත්තිය වෙනස් වූ බව ෆින්ලන්ත ජනපතිද පවසා ඇත.
රුසියාව සමඟ කිලෝමීටර 1,300 ක දේශසීමාවක් සහිත ෆින්ලන්තය මෙතෙක් නේටෝ සංවිධානයට එක් නොවූයේ සිය අසල්වාසී රට අමනාපයක් ඇති කරගනු ඇතැයි යන අදහසිනි.