ලොව දෙවැනි විශාලතම තිරිඟු නිෂ්පාදකයා වන්නේ ඉන්දියාවයි.
එරට දේශීය වෙළඳපොලේ තිරිඟු මිල පාලනය කිරීමට මෙම පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
යුක්රේන ආක්රමණය හමුවේ ගෝලීය තිරිඟු වෙළඳපොලට බලවත් බලපෑමක් එල්ල වී ඇති අතර, ආහාර හිඟයක් නුදුරේදී ඇති විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කිහිපවරක්ම අනතුරු අඟවා තිබේ.
මේ අතර, මේ වසරේ මාර්තු මස ඉන්දියාවෙන් වාර්තා වූ වාර්තාගත උෂ්ණත්වය හේතුවෙන්ද තිරිඟු වගා කරන උතුරු ඉන්දීය ගොවීන්ට දැඩි ලෙස බලපා තිබුණු අතර, එරට රජය ඇස්තමේන්තු කර ඇත්තේ වසර 2021දී ලද ටොන් මිලියන 109ක තිරිඟු අස්වැන්න හා සැසඳීමේදී මෙවර අස්වැන්න 5%කින් වත් අඩුවනු ඇති බවයි.