පැපොල රෝගයට සමාන උණ රෝගී තත්වයක් ලෙස සැලකෙන මෙය, සාමාන්‍යයෙන් වාර්තා වන්නේ මධ්‍යම හා බටහිර අප්‍රිකාවේ දුෂ්කරම පළාත් වලින් පමණි. ඊට පිටස්තර ප්‍රදේශ වලින් වාර්තා වන රෝගීන්ද බොහෝ විට එම ප්‍රදේශ වලට සිදුකළ සංචාර හා සබඳතාවයක් ඇත.
සාමාන්‍යයෙන් දරුණු රෝගී තත්ත්වයක් නොවන මෙයට ගොදුරු වූවන් සති කිහිපයක් තුළ සුවය ලබන බව පැවසේ.
ඇමෙරිකාවෙන්ද මෙම රෝගියෙකු වාර්තා වී අතර, මෙම රෝගය වැළඳී ඇතැයි සැකසහිත පුද්ගලයන් 13 දෙනෙකු කැනඩාවෙන් හමුවී ඇත. තවද, ස්පාඤ්ඤයෙන් රෝගීන් සත්දෙනෙකු හා හා පෘතුගාලයෙන් රෝගීන් පස්දෙනෙකු හමුවී ඇත.
මෙම රෝගියෙකු මුලින්ම බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී ඇත්තේ මැයි 07දාය. මේ වන විට බ්‍රිතාන්‍යයෙන් රෝගීන් 09 දෙනෙකු හමුවී තිබේ.