නැගෙනහිර ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ඇති වූ දරුණු ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් දස දහස් ගණනක් අවතැන් වී ඇති බව වාර්තා වේ.
අසාමාන්‍ය ලෙස ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් ගම්මාන කිහිපයක් ජලයෙන් යටවී ඇති අතර, මේ හේතුවෙන් දුක්ඛිත තත්ත්වයකට ප්‍රදේශවාසීන්ට පත්ව තිබේ.
ගංවතුරින් විපතට පත් වූවන් සඳහා මුදවා ගැනීමේ කඳවුරු සිය ගණනක් පිහිටුවා ඇති නමුත්, ජලයෙන් යටවූ මාර්ග හා අවලංගුවූ ප්‍රවාහන සේවා හේතුවෙන් සහනාධාර විපතට පත් ප්‍රදේශ කරා ගෙන යාමට බාධා ඇති වී ඇත.
(වීඩියෝ : බීබිසී)