විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මියගිය ළමුන් අවුරුදු 7 - 10 ත් අතර වයස්වල පසුවන්නන් බවයි.
වෙඩි තැබීම සිදු කළ 18 හැවිරිදි සැකකරු ද පොලිස් වෙඩි පහරින් මියගොස් ඇත.
ඔහු සිය මෝටර් රථය පාසල අසළ නතර කර ගිනි අවි දෙකක් අතැතිව පාසලට පැමිණ වෙඩි තැබීම සිදු කර තිබුණු අතර, ඊට පෙර සිය මිත්තණියට ද වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැකකෙරෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.