May 27, 2022

ඕස්ට්‍රේලියාවේ සිටි ලාංකික පවුලට පෙර නගරයේම යළි පදිංචිවීමට අවසර Featured

වසර කිහිපයක් පුරා ඕස්ට්‍රේලියාවේ මහත් ආන්දෝලනයට තුඩුදී තිබූ ශ්‍රී ලාංකික දමිළ සංක්‍රමණික යුවලට සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනාට ඔවුන් පෙර සිටි ක්වීන්ස්ලන්ඩ් හී බිලෙයෝලා නගරයේම යළි පදිංචිවීමට එරට රජය විසින් අවසර ලාබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගියදා පැවති ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයේදීත් එය ප්‍රධාන මාතෘකාවක් බවට පත්වූ අතර වත්මන් රාජ්‍ය පාලක පක්ෂය වන ලේබර් පක්ෂය දන්වා සිටියේ මැතිවරණයේදී තමන් ජයගතහොත් මෙම පවුලට නැවතත් ඔවුන් පළමුවෙන් පදිංචි වී සිටි නගරයට පැමිණිමට අවසර දෙන බවය.

ඒ අනුවයි වැඩ බලන ස්වදේශ කටයුතු අමාත්‍ය ජිම් චාමර්ස් මහතා විසින් ඊට අදාළ අවසන් අනුමැතිය අද (27) ලබා දී තිබේ.

මුරුගප්පන් පවුල නමින් ජනප්‍රිය මෙම පවුලේ පියා සහ මව මෙරටේ යුධමය වාතාවරණය පැවති සමයේ බෝට්ටු මාර්ගයෙන් එරටට පළාගොස් තිබුණි.

කෙසේවෙතත් පැවති ලිබරල් රජයේ දැඩි සංක්‍රමණ නීති හමුවේ මොවුන්ගේ සරණාගත අයදුම්පත් ප්‍රතික්ෂේපවීමෙන් පසු ක්‍රිස්මස් දූපතේ පිහිටා ඇති රැඳවුම් කඳවුර වෙත මාරු කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමටයි පියවර ගෙන තිබුණි.එහෙත් අවසාන මොහොතේදී එය වැළකී ගියේ මානව හිමිකම් සංවිධාන විසින් කල කරුණු දැක්වීමක් සැළකිල්ලට ගෙන අධිකරණය දුන් නියෝගයක් අනුවය.

සබැඳි පුවත්

ඕස්ට්‍රේලියාවේ සිටි ලාංකික පවුල පිටුවහල් කිරීම ගැන නියෝගය කල් යයි

පිටුවහල් කළ යුවළ හා දියණියන් ක්‍රිස්මස් දූපතේ, අවසන් තීරණය බදාදා

අවසාන මොහොතේ පිටුවහල් කිරීමෙන් බේරුණු ශ්‍රී ලාංකික පවුල

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top