Sep 21, 2022

යුවැන් වාන්ග් - 5 යළි චීනයට (වීඩියෝ)

පසුගිය කාලය පුරාවට දැඩි කතාබහට ලක්වූ චීනයේ යුවැන් වාන්ග් - 5 පර්යේෂණ නෞකාව පෙරේදා (19) නැගෙනහිර චීනයේ ජියැන්සු වරායට සේන්දු වී තිබේ.

දින 69ක් පුරාවට නාවික සැතපුම් 14000ක් පමණ ගමන් කිරීමෙන් අනතුරුව මෙම නෞකාව යළිත් චීනයේ නැංගුරම් ලා තිබේ.

මෙම නෞකාව මේ වසරේ දී දින 110ක් මුහුදේ පර්යේෂණ කටයුතු වල නිරතවී ඇතිබව චීන මාධ්‍ය සඳහන් කරයි.

ජියැන්සු වරායේ නැංගුරම් ලා තිබෙන කාලය තුළදී ඉදිරි පර්යේෂණ මෙහෙයුම් සඳහා අවශ්‍ය සැපයුම් සකසා ගන්නා අතර හා නිසි යාවත්කාලීන කිරීම් වලට ලක්කිරීමට නියමිත බවද විදෙස් වාර්තා වල දැක්වේ.

මෙම නෞකාව පසුගිය මාසයේදී ලංකාවට පැමිණි අතර එය ජාත්‍යන්තර තුළ ඉහළ අවධානයක් දිනාගත් ප්‍රවෘත්තියක් බවටද පත්විය.

(වීඩියෝ : CGTN)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top