May 24, 2017

බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත තර්ජන මට්ටම ඉහළට

ත්‍රස්ත තර්ජන සම්බන්ධයෙන් ඉහළම මට්ටම වන ‘ඉතා අවදානම්’ මට්ටම ප්‍රකාශයට පත්කිරීමට බ්‍රිතාන්‍යයේ අගමැතිනි තෙරේසා මේ මහත්මිය මේ වන විට කටයුතු කර තිබේ.

මෙම තත්ත්වය අනුව ප්‍රධාන ස්ථාන සුරක්ෂිත කිරීමට හමුදා ආරක්ෂාව ලබාදෙනු ඇත. ජනතාව ආරක්ෂා කිරීම සඳහා ප්‍රධාන ප්‍රසිද්ධ ස්ථාන වල සේවයේ නිරතවන සන්නද්ධ පොලිස් සාමාජිකයන් හට සහය වීමට හමුදා සොල්දාදුවන් ද යෙදවීමට නියමිතය.

මේ සම්බන්ධව ජනතාව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බවත් මෙම පියවරයන් පසුගියදා සිදුවූ සිදුවීම් හේතුවෙන් ගත් මෙම යෝග්‍ය ප්‍රතිචාර බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top