May 25, 2017

රොබෝ පොලිස් එයි!

සිය පළමු රොබෝ පොලිස් නිලධාරියා එළිදැක්වීමට ඩුබායි පොලිසිය කටයුතු කර තිබේ.

එහි පපු ප්‍රදේශයේ ඇති ටච්ස්ක්‍රීන් කොටස මගින් අපරාධයක් පිළිබඳ වාර්තා කිරීමට, දඩ ගෙවීමට හෝ තොරතුරැ ලබාගැනීමට මහජනතාවට හැකි වේ.

මෙම රොබෝ යන්ත්‍රය මගින් එක්රැස් කරගත් දත්ත ප්‍රවාහන හා රථවාහන පාලන බලධාරීන් අතර බෙදාහරිනු ලැබේ.

වසර 2030 වන විට සිය පොලිස් සේවයේ 25%ක් රොබෝවරුන් බවට පත්කිරීම සිය අරමුණ වුවත්, පොලිස් නිලධාරීන් වෙනුවට රොබෝවරුන් ආදේශ කිරීමට අදහසක් නැතැයි ඩුබායි පොලිසියේ ස්මාර්ට් සේවා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඛලීඩ් අල් රසූකි පවසා තිබේ.

කෙසේවෙතත්, ඩුබායි නගරයේ ජනගහනය වැඩිවෙත්ම නගරය වඩාත් සුරක්ෂිත කිරීමට පොලිස් නිලධාරීන් නිසි ස්ථාන වල රැඳවීමට කටයුතු කිරීමට අවශ්‍ය බවද, බොහෝ වැසියන් පොලිස් ස්ථාන වල හෝ පාරිභෝගික සේවා වල සහය පැතුවද, මෙම උපකරණය මගින් විසිහතර පැයේම ජනතාව හා සම්බන්ධ වීමේ අවස්ථාව ලැබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Pal Robots විසින් නිෂ්පාදිත මෙම රොබෝ උපකරණය පසුගිය ඉරිදා දිනයේදී එළිදක්වා ඇති අතර, අරාබි හා ඉංග්‍රීසි බසින් මහජනයා හා සම්බන්ධ වීමට මෙම උපකරණයට හැකියාව පවතියි. ඉදිරියේදී රුසියානු, චීන, ප්‍රංශ හා ස්පාඤ්ඤ භාෂා වලින් ජනතාව හා සම්බන්ධ වීමට හැකිවීමට මෙම රොබෝ උපකරණය වැඩිදියුණු කිරීමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top