May 26, 2017

වැරදි නොම්බරෙන් ගොඩගිය අයත් ඉන්නවා !

ඇසිඩ් ප්‍රහාරයකට ලක්වූවන් හට විඳීමට සිදුවන දුක්ගැහැට පිළිබඳව අමුතුවෙන් කිවයුතු නැත.

වසර 2012දී සිය ඥාතියෙකුගේ ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව ශල්‍යකර්ම 17ක් සිදුකිරීමට සිදුවී එලෙස දුක්විඳි ඉන්දියාවේ ලලිතා බෙන් බන්සි ගේ දිවියට පසුගියදා යළිත් ආදර මල්වැසි ඇදවැටුණි. ඇගේ පෙම්වතා බවට පත්වූයේ CCTV සමාගමක රැකියාවක නිරත වන රවි ශංකර් නැමැත්තෙකි.

ඔවුන් ගේ ආදර කතාව ආරම්භ වූයේ වැරදි දුරකතන ඇමතුමක ප්‍රථිපලයක් ලෙසිනි.

ලලිතා හා රවී ගේ විවාහය පසුගිය සතියේදී මුම්බායි නුවරදී පැවැත්වුණු අතර, ඒ සඳහා බොලිවුඩ් තරු රැසක් ද සහභාගී විය.

“ඇසිඩ් ප්‍රහාරයක් හා ශල්‍යකර්ම 17කට පසුව මට ආදරයක් ලැබෙයි කියලා කවුද හිතුවෙ… ඒත් ඒ දේ එහෙම  වුනා…,” යැයි ඇය පවසන්නීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top