May 29, 2017

එවරස්ට් කන්දට බිලි වූ රවී ගේ සිරුර මුදාගනියි

එවරස්ට් කන්ද මතදී මියගිය ඉන්දීය කඳුනගින්නෙකු ගේ සිරුර ගුවනින් නේපාලයට ගෙනවිත් ඇතැයි වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ රවී කුමාර් නැමැත්තෙකු වන අතර, ඔහු ගේ සිරුර පසුගිය සතියේදී සොයාගනු ලැබුණි.

සාර්ථක ලෙස එවරස්ට් කන්ද තරණය කළ ඔහු, පහළට එන අතරතුරේදී සිය මගපෙන්වන්නා ව මගහැරී තිබේ.

ඔහු මීටර 200ක් පමණ පහළට ඇදවැටී මියයන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ඔහුගේ මගපෙන්වන්නා මීටර් 8,000ක් පමණ උසක පිහිටි කෑම්ප් 4 වල අධික ශීතල හේතුවෙන් ඇතිවන දරුණු තුවාල (frostbite) සහිතව පසුගියදා සොයාගෙන තිබේ.

කුමාර් ගේ මළසිරුර සමග පසුගිය වසර අවසානයේදී මියගිය තවත් කඳුනගින්නන් දෙදෙනෙකුගේ සිරුරු ද කත්මන්දු අගනුවරට ගෙනවිත් ඇතැයි ද විදෙස් වාර්තා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top