May 31, 2017

ගස් එක්ක බස් එකක් (වීඩියෝ)

උදේ හවා කොන්ක්‍රීට් වනන්තර වැනි නගර මැදින් සිදුවන බස්රථ ගමන්වාර ඔබටත් අප්‍රසන්න ද?

මේ සම්බන්ධයෙන් හරිතමය වෙනසක් සිදුකිරීමට තායිවානය පියවර ගෙන තිබේ.

ඒ, ස්වභාවික ගස්වැල් සහිත බස්රථයක් නිර්මාණය කිරීමෙනි. Forest Bus (කැළෑ බස්රථය) ලෙස නම් කර ඇති මෙය, මල් සැකසුම් ශිල්පියෙකු වන ඇල්ෆි ලින් ගේ අත්හදා බැලීමකි.

මගීන් ගමන්ගන්නා ඇතුළාන්තය සම්පූර්ණයෙන් වනන්තරයක හැඩගන්නා අතර, අසුන් සියල්ලම පාසි වලින් වැසුනු ස්වභාවයක් ගනියි. ඕකිඩ් හා ලීලී මල් මෙන්ම මීමණ ඇතුළු ශාඛ ද මෙහි දක්නට ලැබේ.

මෙම බස් රථය සතියක කාලයක් පුරාවට විශේෂ ගමන්වරයක් ඔස්සේ ගමන්ගනියි. මේ සම්බන්ධයෙන් මගීන් ගෙන් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතින අතර, මෙය තායිපේ නුවර පවතින ස්ථාවර අංගයක් ලෙස පවතිනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි.

මෙම අපූරු බස්රථයේ වීඩියෝවකි මේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top