Jun 02, 2017

ප්ලේන්වල වයි-ෆයි වැඩිකරන්න සැටලයිට් එකක්

මේ දක්වා නිෂ්පාදනය කර ඇති බලවත්ම වාණිජ බ්‍රෝඩ්බෑන්ඩ් චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කර තිබේ.

ViaSat-2 ලෙස නම් කර ඇති මෙම චන්ද්‍රිකාව උතුරු හා ලතින් ඇමෙරිකානු මහද්වීප වලට ඉහළින් රඳවා තැබෙනු ඇති අතර, තත්පරයකට ගිගාබිට් 300ක ධාරිතාවක් තිබේ.

මෙයට පැසිෆික් සාගරය ඔස්සේ ගමන් කරන Eutelsat 172B ද සම්බන්ධ කර තිබේ.

මෙම චන්ද්‍රිකා ද්විත්වය විසින් ගුවන්යානා වන වයිෆයි සේවා වැඩිදියුණු කිරීමට යොදාගන්නා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top