Jun 08, 2017

බ්‍රිතාන්‍යයේ මහමැතිවරණය අද

බ්‍රිතාන්‍යයේ මහමැතිවරණය අද පැවැත්වෙන අතර, ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු එරට වේලාවෙන් පෙ.ව. 7.00ට ආරම්භ විය.

රටපුරා ඡන්ද මධ්‍යස්ථාන 40,000කට අධික ප්‍රමාණයක සිදුවන ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු එරට වේලාවෙන් රාත්‍රී 10.00ට අවසන්වනු ඇත.

මෙවර මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්දදායකයන් මිලියන 46.9 ක් ලියාපදිංචි වී ඇති අතර, මෙම ඡන්දයෙන් වෙස්ට්මිනිස්ටර් මන්ත්‍රීවරුන් 650ක් තෝරාපත්වනු ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top