ශර්බාට් ගුලා නම් ඇයව පසුගිය මාසයේදී පකිස්තානයේදී අත්අඩංගුවට ගෙන තිබුනේ ව්‍යාජ හැඳුනුම්පත් ලියවිලි තබාගැනීමේ චෝදනා යටතේය.
දින 15ක සිරදඬුවමක් ලැබූ ඇය, එම කාලය තුළ හෙපටයිටිස් සී රෝගයට රෝහල් ප්‍රතිකාර ලබා තිබේ.
ගුලා මහත්මිය හා ඇගේ දරුවන් සිවුදෙනා ඇෆ්ගන් දේශසීමාවෙන් භාරදී ඇති අතර, ඇය පසුව කාබුල් නගරයේදී ඇෆ්ගන් ජනපති අෂ්රාෆ් ඝානි ද හමුවිය.