ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යා විශේඥයෙකු වන කෞෂික් බාසු පවසා ඇත්තේ මෙමගින් වෙන හානිය, ලැබෙන ප්රතිලාභ වලට වඩා වැඩි වනු ඇති බවයි.
කළු සල්ලි හා දූෂණය මැඩලීමට ඉන්දීය බලධාරීන් විසින් පසුගිය සතියේදී මෙම පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත්, මෙමගින් අඩු ආදායම් ලාභී ජනයා හා වෙළඳුන් හට මෙමගින් ප්‍රබල බලපෑමක් එල්ල වුනු අතර, භාවිතයෙන් ඉවත් කිරන ලද මුදල් නෝට්ටු යළි භාරදීමටත්, එම නෝට්ටු වලට අඩු අගයේ නෝට්ටු ලබාගැනීමටත් විශාල වශයෙන් ජනතාව බැංකු වලට එක්රොක් විය.
දිනකට ටෙලර් යන්ත්‍ර මගින් ලබාගත හැකි වූ මුදල් සීමාව හේතුවෙන් හා ඒ සඳහා ඇති වූ දීර්ඝ පෝලිම් හේතුවෙන් ජනතාව කුපිත වූ අතර, මේ සමග දිනකට ලබාගත හැකි වූ මුදල ඉන්දීය රු. 500කින් රු. 2,500 දක්වා වැඩිකිරීමට ඉන්දීය රජය පසුගිය ඉරිදා දින තීරණය කර තිබුණි.