නගරාන්තර සීග්‍රගාමී සේවාවට අයත් දුම්රිය මධ්‍යම ඉන්දියාවේ ඉන්දෝර් සිට නැගෙනහිර පළාතේ පට්නා වෙත ධාවනය වෙමින් තිබියදී උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ කන්පූර් නගරය ආසන්නයේ දී ඊයේ එරට වේලාවෙන් පාන්දර 3.00ට පමණ අනතුරට ලක්විය.
මේ හේතුවෙන් 120ක් පමණ ජීවිතක්ෂයට පත්වී තවත් එකසිය පනහකට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.
කෙසේ වෙතත්, සහන සේවකයන් තවදුරටත් දුම්රියේ සුන්බුන් අතර සොයන විට මෙම මරණ සංඛ්‍යාව හා තුවාලකරුවන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ද ඒජන්සි වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.