මෙම ප්රහාරය එල්ල කර ඇත්තේ උතුරු කාශ්මීරයේ කුප්වාරා දිස්ත්රික්කයේ මාචිල් ප්රදේශයේ දී ඉන්දීය සොල්දාදුවන් තිදෙනෙකු මරාදමා තිබීමෙන් අනතුරුවයි.
මෙලෙස මරාදමා තිබූ එක් සොල්දාදුවෙකුගේ හිස ගසා දමා තිබූ බවද විදෙස් වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.
මේ අතර, බීබීසී ලෝක සේවය වෙත අදහස් දක්වමින් ඉන්දීය හමුදා ප්රකාශක - කර්නල් රාජේෂ් කාලියා පවසා ඇත්තේ මෙම බියගුලු ක්රියාවේ පලවිපාක බැරූරැම් වන බවයි.
මෙම සොල්දාදුවන් ට එල්ල කළ ප්රහාරය සිදුකර ඇත්තේ පකිස්තානු සොල්දාදුවන් විසින්ද ඉන්දීය පාලනයට එරෙහිව සටන් කරන සන්නද්ධ පිරිස් විසින්ද යන්න ඔහු පැහැදිලි කර නැත.
පසුගිය සැප්තැම්බරයේදී ඉන්දීය හමුදා කඳවුරකට එල්ල වූ ප්රහාරයකින් අනතුරුව කාශ්මීරයේ පවතින ආරවුල් තත්ත්වය තවදුරටත් තීව්ර වූ අතර, 2003 දී ස්ථාපිත කර තිබූ සටන් විරාම ගිවිසුම කඩ කර ඇති බවට ඉන්දියාව හා පකිස්තානය එකිනෙකාට චෝදනා කර සිටියි.