Nov 24, 2016

ඊජිප්තුවේ තවත් පෞරාණික නගරයක් මතුවෙයි

ඊජිප්තුවේ වසර 5,000ක් පමණ පැරණි නගරයක් සොයාගැනීමට එරට පුරාවිද්‍යාඥයන් සමත් වී ඇතැයි වාර්තා වේ.

නයිල් නදිය ආසන්නයෙන් හමු වී ඇති මෙම නගරයෙන් පුරාණ නිවාස, මෙවලම්, මැටි භාණ්ඩ හා විශාල සොහොන් හමුවී ඇතැයි පැවසේ.

වසර 2011දී හොස්නි මුබාරක් බලයෙන් පහකිරීමත් සමග අඩපණ වූ ඊජිප්තු සංචාරක කර්මාන්තය යළි පණගැන්වීමට මෙම නව සොයාගැනීම රුකුලක් වනු ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top