90වැනි වියේ පසුවූ කැස්ත්‍රෝ සිය ජීවිතයෙන් සමු ගත් බව කියුබානු රාජ්‍ය මාධ්‍ය මේ වන විට වාර්තා කරමින් සිටී.
කියුබානු සමාජවාදී ආණ්ඩුවේ පළමු නායකයා වන කැස්ත්‍රෝ ඇමරිකානු පලනයෙන් සිය රට මුදවා ගැනීම සඳහා එවකට පාලක බැටිස්ටාට එරෙහිව ක්‍රියා කළේ ය.
සුප්‍රකට දේශපාලන චරිතයක් වන චේ ගුවේරා සිය සමීප මිතුරා වශයෙන් ඇසුරු කළ කැස්ත්‍රෝ චේ සහ සිය සොහොයුරා වන රාවුල් කැස්ත්‍රෝ හා එක්ව ඓතිහාසික කියුබානු විප්ලවයට දායක වූ පුරෝගාමියකු වූයේ ය.
කියුබානු සමාජවාදී විප්ලවයේ පෙර ගමන්කරුවා ලෙස සැලකෙන කැස්ත්‍රෝ ඉතා බලසම්පන්න ධනවාදි රටවල අකටයුතුකම් නොඉවසා අභීතව නැගී සිටිමින් සිය මව්බිම උදෙසා යුතුකම් රැසක් කළ ඉටු කළ කොමියුනිස්ට්වාදියෙකු ලෙස සැලකෙයි.
මේ නිසා ඔහු කියුබාවේ ගිනි සිළුව ලෙස ද හඳුන්වයි.
වසර 50ක් පමණ කියුබාව පාලනය කළ කැස්ත්‍රෝ, 2008 දී පාලන බලතල සිය සොහොයුරා වන රාවුල් කැස්ත්‍රෝ වෙත භාරදුන්නේය.
පසුගිය අප්‍රේල් මාසයේදී ෆිදෙල් කැස්ත්‍රෝ මහතා කියුබානු කොමියුනිස්ට් පක්ෂ කොංග්රස් රැස්වීමේ අවසන් සැසිය ඇමතූ අතර, ඔහු එලෙස ජනතාව හමුවේ පෙනී සිටියේ වසරකට ආසන්න කාලයකට පසුවය.
එහිදී ඔහු අදහස් පළකර සිටියේ මෙසේය :
“තව නොබෝ දිනකින් මම 90 වැනි වියට පා තබනවා. මෙපමණ කලක් ජීවත් වෙයි කියල මම බලාපොරොත්තු වුනේ නෑ. මම ඒකට උත්සහ කලේ නෑ. ඒක මගේ දෛවය. බොහොම ඉක්මණට මමත් අනෙක් අය ඉන්න තැනට යනව.
අනාගතයේ කවුරුන් මේ තැන ලබාගත්තත් කියුබානු කොමියුනිස්ට් අදහස් හැමදාම රැඳී තිබෙයි. ලතින් අමරිකාවේ හා ලොව පුරා සිටින අපගේ සහෝදරයින්ට මා පවසන්නේ කියුබානු වැසියන් ඉදිරියට පැමිණිය යුතු බවයි. මේ කාමරයේ සිට මා ඔබ අමතන අවසාන දිනය අද විය හැකියි. කොන්ග්‍රසයට ඉදිරිපත් කළ අපේක්ෂකයන්හට මා මගේ ඡන්දය භාවිත කළා. එම අවස්ථාව සලසාදුන් ඔබ සැමට ස්තූතියි. හැම දෙනාටම මා සුබ පතනවා. විශේෂයෙන්ම මාගේ සහෝදරා රාහුල් කැස්ත්‍රෝ මන් ද ඔබගේ ප්රයත්නය අති විශිෂ්ටයි.”