ගුවන් යානය බොල්වියාවේ සිට කොලොම්බියාව බලා ගමන් කරමින් තිබුණි.
කොලොම්බියාවේදී හෙට (30දා) පැවැත්වීමට නියමිතව තිබූ කෝපා සුඩාමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට එක්වීමට බ්‍රසීලයේ පළමු පෙළ ක්‍රීඩා සමාජයක් වෙන කාපෙකොන්සෝ පාපන්දු කණ්ඩායම ගුවන් මගින් ගමන් කරමින් සිටින විට ඔවුන් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේය.
කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකුද හා මගීන් 72ක් ගුවන් යානයේ ගමන් කරමින් සිට ඇතැයි පැවසේ.
අනතුරින් මිය ගිය පුද්ගලයින්ගෙන් 25 දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.