මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපලේ නිලධාරියෙකු අනතුරට පෙර හඬනගා තිබූ බව බොලිවියාවේ Deber පුවත්පත වාර්තා කර ඇත.
මෙම යානය අනතුරට ලක්වීමට හේතුව, එම යානයේ ඉන්ධන අවසන්වීම බව සනාථ කෙරෙන තොරතුරු ලැබී ඇතැයි බ්රසීල බලධාරීහු මීට කලින් පවසා තිබුණි.
මෙම ගුවන් යානය පසුගිය සඳුදා අනතුරට ලක්වූයේ කොලොම්බියාවේ මෙඩලින් නගර බලා ගමන් කරමින් සිටියදීය.
ගුවන් යානය අනතුරට ලක්වීමට පෙර ගුවන් පාලක මැදිරිය සමග කතා කළ ගුවන් නියමුවා, ඉන්ධන අවසන් වීම සහ විදුලි කාන්දුවක් පිළිබඳව දැනුවත් කර ඇති බව පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත.
ගුවන් යානය කඩාවැටීමට පැයකට කලින් කොලොම්බියාවේ බොගෝටා නුවරදී යානයට ඉන්ධන පිරවීමට නියමුවාට අවස්ථාවක් තිබූ නමුත් ඔහු එසේ කර නැති බව බලධාරීහු පවසති.
මෙම ගුවන් යානයේ හැත්තෑ හත් දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් හැත්තෑ එක් දෙනෙකු මියගිය ගිය බව බලධාරීහු නිවේදනය කළහ.