Dec 03, 2016

Mad Dog ඇමරිකානු ආරක්ෂක ලේකම් වෙයි !

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු හමුදා ජෙනරාල්වරයෙකු වූ ජේම්ස් මැට්ටිස් නම් කර තිබේ.

ජෙනරාල් මැට්ටිස් වඩාත් ප්‍රකටව සිටින්නේ 'මෑඩ් ඩෝග්' යන අන්වර්ථ නාමයෙනි.

ඔහියෝ හිදී පැවති ජන හමුවක් අමතමින් ට්‍රම්ප් පවසා ඇත්තේ ඔහු මේ තනතුර සඳහා දැනට සිටින හොඳම පුද්ගලයා බවයි.

ජෙනරාල් මැට්ස්, ඔබාමා පාලනය මෙන්ම, ඉරානය සම්බන්ධයෙන් පවතින ප්‍රතිපත්ති දැඩිව විවේචනය කළ අයෙකි.

යූ.එස්.ඒ. තෑන්ග් යූ ටුවර් 2016 ලෙසින් සිය මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව පාක්ෂිකයන් හමුවේ පවත්වන ජනරැලි ආරම්භ කරමින් ඔහියෝ හිදී ට්‍රම්ප් මෙම නිවේදනය සිදුකළේය.

දෙවැනි ලෝක යුද්ධයේ නමගිය ඇමෙරිකානු අණිදෙන නිලධාරියෙකු වූ ජෙනරාල් ජෝර්ජ් පැට්න් සමඟ සම කළ හැකි වඩාත් සුදුසුම පුද්ගයා මැට්ටිස් බවද ට්‍රම්ප් පවසා ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top