Dec 03, 2016

මෝදි ගේ වෙබ් අඩවිය හැක්කරලා

විසි දෙහැවිරිදි තරුණයෙකු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ නිළ වෙබ් අඩවියට අනවසරයෙන් පිවිස එහි ආරක්ෂාව පිළිබඳ සටහනක් තබා ඇතැයි වාර්තා වේ.

ජාවෙඩ් කත්රි නමැති මෙම තරුණයා ජංගම මෘදුකාංග සංවර්ධකයෙකු වන අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමා සත්භාවයෙන් එම සටහන තැබූ බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ වෙබ් අඩවියට පිවිස ඔහුගේ පෞද්ගලික දත්ත ලබා ගත හැකි බවත්, අමාත්‍යවරුන්ගේ ජංගම දුරකථන අංක පවා තමාට දිස්වන බවත් එම තරුණයා සිය සටහනට එක්කර ඇත.

තම අනතුරු ඇගවීම නොසලකා හැරියහොත් එය අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව අනතුරේ හෙලීමක් මෙන්ම ඔහුගේ වෙබ් අඩවිය භාවිත කරන මිලියන 7කගේ දත්ත නිරාවරණය කිරීමක් ලෙසද එහි දැක්වෙන බව වාර්තා වේ.

JavedK 600xp 16 12 03

ජාවෙඩ් කත්රි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top