Dec 05, 2016

නවසීලන්තයේ, ඉතාලියේ අගමැතිවරුන් ඉල්ලා අස්වේ

නවසීලන්තයේ හා ඉතාලියේ අග්‍රාමාත්‍යවරුන් වන ජෝන් කී හා මැතියෝ රෙන්සි සිය ධූර වලින් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කළ නවසීලන්තයේ ජෝන් කී අගමැතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ පෞද්ගලික හේතු නිසා බව පවසා ඇත. කෙසේ වෙතත්, නවසීලන්තයේ හෙරල්ඩ් පුවත්පත පවසා ඇත්තේ සිය බිරිඳ ගේ ඉල්ලීම මත අගමැතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි.

නවසීලන්තයේ ජනප්‍රිය නායකයෙකු වන කී මහතා, වසර 8ක් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

මේ අතර, ඉතාලියේ රෙන්සි අගමැතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ එරට ව්‍යවස්ථා සංශෝධනය සඳහා වූ ජනමත විචාරණයක් පරාජයට පත්වීමෙන් අනතුරුවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top